2024 නොවැම්‍බර් 11, පෙ.ව. 12:03
මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අනන්‍යතාව සනාථ කිරීම සම්බන්ධයෙන් ය.
ඒ, අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ අනන්‍යතාව සනාථ කිරීම සඳහා පහත දැක්වෙන වලංගු අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යන ලෙස ඡන්දදායකයින්ට දැනුම් දෙයි.
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
* වලංගු රියදුරු බලපත්‍රය
* වලංගු විදෙස් ගමන් බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති පූජ්‍ය, පූජක හැඳුනුම්පත
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත
* අබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත
මේ අතර අපහැදිලි හැඳුනුම්පත්, රාජ්‍ය ආයතන, අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදිය ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු නොවන බව ද මැතිවරණ කොමිෂන් සභාව මඟින් දැනුම් දී තිබෙනවා.
2026 ජූනි 16, ප.ව. 5:17
2026 ජූනි 16, ප.ව. 5:09
2026 ජූනි 16, ප.ව. 4:30
2026 ජූනි 16, ප.ව. 4:18
2026 ජූනි 16, ප.ව. 4:02
16-06-26
16-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26