hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 2:09



යළි විදුලි ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගියදා විදුලි පාරිභෝගික සංගමය සදහන් කළේ විදුලි ගාස්තු සියයට 56කින් වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බව සභාපතිවරයා පවසනවා.

පසුගිය ජුලි 3 වනදා ද සියයට 14 යි දශම 2 කින් විදුලි ගාස්තු අඩු කළ අතර ඊට පෙර විදුලි ගාස්තුව සියයට 70කින් ඉහළ නංවනු ලැබුවා.

විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයෙන් අවසර හිමිවිය යුතු අතර වසරකට විදුලි ගාස්තු සංශෝධන සිදුකළ හැක්කේ දෙවරක් පමණක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: