hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 2:21



විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පැවසුවා.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවත් ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දී ඇත.එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන තිබුණත් නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ශ්‍රීනිවාසන් මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: