hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:03



ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලැබුණු බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව රටේ මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සදහන් කළේ,

”ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි ස්ථාවර ගාස්තුවත් ඒ වගේම ඒකක ගාස්තුවත් දෙකම අඩු කරලා තියෙනවා. මේ ඉදිරිපත් කිරීමේ අවසායේ දක්වලා තියෙනවා ඉතාම හාස්‍ය ජනක කරුණු කිහිපයක්. මූල්‍යමය ගනුදෙනු කරන ආයතන වෙනම කොටස්වලට වෙන්කරලා. මම හිතන ආකාරයට ඉඟි කරන්නේ වැඩි මිලක් අය කරමු කියලා. ඒ වගේම යෝජනා කරලා තියෙන විදුලි මිල අඩු වීම සාමන්‍යයෙන් ඒකකයට රුපියලක් වගේ ප්‍රමාණයක් විදුලි මිල අඩුකිරීමක් තමයි කරලා තියෙන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: