hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:02



විදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළා.

ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ ලංවිම වෙබ් අඩවිය ඔස්සේ ගෙවිය හැකියි.

එමෙන් ම ශ්‍රී ලංකා තැපැල් කාර්යලය මඟින් ද, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟීන් ද, කාගීල්ස්, කීල්ස් සුපිරි වෙළඳසැල්වලින් සහ mCash මඟින් ද විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳ 1987 අංකය ඇමතීමෙන් පැමිණිලි කළ බවයි, ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: