hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි නිෂ්පාදන ප්‍රභවයන් නම් ගල් අඟුරු හා ජල විදුලියයි.

එහෙත් නවීන ලෝකයේ සූර්යතාපය සුළං බලය මෙන්ම උදම් රළ තරංග පවා විදුලිය නිපදවා ගැනීමට භාවිතා කළ හැකි අඩු වියදම් ප්‍රභවයන් වෙනවා.

අඩු වියදම් විදුලි නිෂ්පාදන ප්‍රභවයන් පසෙක තබා වැඩි වියදම් ප්‍රභවයන් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ට අධික විදුලි බිලක් ගෙවීමට සිදුවී තිබෙනවා.

රජය අත්තනෝමතික ලෙස විදුලිබිල දිනෙන් දින ඉහළ දමමින් සිටි.

දකුණු ආසියාවේ වෙනත් රටවල නිවසක සාමාන්‍ය විදුලි ගාස්තුවට වඩා 2.5 සිට 3 දක්වා ගුණයක් වැඩි විදුලි ගාස්තුවක් ලංකාවේ පවුලක් විසින් ගෙවනු ලබන බව විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විදුලි ඒකක 100, 200 හෝ 300 ආදී වශයෙන් විදුලිය පරිභෝජනය කරන විට එම නිවාස වලින් කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේද යන්න මේ මගින් විමසුමට ලක් කර ඇත.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම් සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර වෙනමම අය කෙරෙන සමාජ ආරක්ෂණ බද්ධ වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නැත.

මෙම විශ්ලේෂණයට අනුව කලාපයේ දෙවන ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පාකිස්තානයේය.

එහෙත් එරට විදුලි ඒකක 100 ක් භාවිතා කරන පවුලක විදුලි බිල, මෙරට විදුලි ඒකක 100 ක් භාවිතා කරන පවුලක විදුලි බිලට වඩා 50% කින් අඩුය.

ඒකක තුන්සීයක් භාවිතා කරන නිවෙස් පිළිබඳව සලකා බලන විට මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වී තිබෙනවා.

ඒ එරට විදුලි ඒකක තුන්සියයකට ගෙවන ගාස්තුව මෙන් 97%කින් වැඩි විදුලි ගාස්තුවක් ගෙවීමට ශ්‍රී ලාංකිකයාට සිදුව ඇති බැවිණි.

විශ්ලේෂණයට භාජන වූ රටවල් අතරින් අඩුම විදුලි බිලක් හිමි රට ඇෆ්ඝනිස්ථානයයි. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව පිළිවෙලින් විදුලි බිලෙහි වැඩිවීම පෙන්වයි.

ශ්‍රී ලංකාවේ ඒකක 100ක් සඳහා විදුලි බිල රුපියල් 5280කි.

ඒකක 100 ක් අදහා වෙනත් දකුණු ආසියානු රටවල විදුලි බිල්පතේ මධ්‍ය අගය රුපියල් 2077.90 ක් වෙනවා.

එම සම්බන්ධතාවය ප්‍රතිශතයක් ලෙස 254% කි.

ඒකක 200ක් පරිභෝජනයේදී ශ්‍රී ලංකාවේ විදුලි බිල රුපියල් 12,960 වන අතර 282% ක සම්බන්ධතාවයක් දක්වන වෙනත් දකුණු ආසියාතික රටවල විදුලි බිලේ මද්‍ය අගය රුපියල් 4609.20 ක් වෙනවා.

වෙනත් රටවල විදුලි වියදම සමග 298% වෙනසක් පෙන්වන ශ්‍රී ලංකාවේ විදුලි බිල ඒකක 300ක් සඳහා විදුලි වියදම රුපියල් 21,860 කි.

එය වෙනත් රටවල රුපියල් 7340.40 ක් වෙනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදී ඇති කැපවීම් කොන්දේසි සමග මෙම විදුලි බිල ඉහළ යාම බැඳී තිබෙනවා.

මෙම මස සිදුකිරීමට සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ විදුලි බිල සියයට හතරකින් අඩු කිරීමට යෝජිතය එහෙත් දකුණු ආසියා කලාපයේ වැඩම විදුලි බිල ගෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව දිනා ගත් තත්ත්වයට කිසිදු බලපෑමක් කිරීමට එම අඩු කිරීම සමත් නොවනු ඇත.

මෙම විශ්ලේෂණය වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කරන ලද අතර ආර්ථිකය හා බැඳුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන Publicfinance.lk මගින් 2024.02.08 දින ප්‍රකාශයට පත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: