hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 3:02



අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ඉකුත් වර්ෂ දෙක තුළ (2021,2022) විදුලි වැටවල් ඉදිකිරිම හා එහි නඩත්තු කටයුතු සඳහා රුපියල් කෝටි 228ක මුදලක් වැය කළද අලි මිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වසර පහ තුළ අලි මරණ 1867ක් හා මිනිස් මරණ 618ක් වාර්තා වි ඇති බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව
නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.

පසුගිය වර්ෂ දෙක තුළ විදුලි වැටවල් ඉදිකිරිම සඳහා වැයකොට ඇති මුදල රුපියල් එකසිය විසිපන්කෝටි දශලක්ෂ හැටහත්දහස් එකසිය විසි නමයකි.(1,251,067,129)

එහි නඩත්තු කටයුතු සදහා රුපියල් එකසිය තුන්කෝටි දාහත්ලක්ෂ හතලිස්එක්දහස් හාරසිය විස්සක මුදලක් (1,031,741,420) වැයකොට තිබෙනවා.

මේ වනවිට ඉදිකොට ඇති විදුලි වැටෙහි දිග ප්‍රමාණය කිලෝමිටර් 4,756කි.

ඉකුත් වසර 05ක කාලය තුළදී අලි මිනිස් ගැටුම හේතුවෙන් වැඩිම අලි මරණ, මිනිස් මරණ, දේපළ හානි සහ ශාරිරික හානි සිදුවි ඇත්තේ ඉකුත් වර්ෂයේ දී ය.(2022)

එම වර්ෂයේ දී දේපළ හානි 7830ක් වාර්තා වි තිබු අතර ශාරිරික හානි 494ක් වාර්තා වි තිබුණි.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: