hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:16



ඊයේ (31) පෙරවරුවේ පින්නවල අලි අනාථාගාරයේ දී මෙරට පළමු නිවුන් අලි පැටව් දෙදෙනාගේ දෙවන උපන් දිනය සැමරුවා.

පින්නවල අලි අනාථාගාරයේ පණ්ඩු සහ සුරංගි ඇතින්නට දාව මෙම පැටව් දෙදෙනා ඉපදී තිබෙනවා.

මෙම පැටවුන් දෙදෙනා ඉපදී ඇත්තේ 2021 අගෝස්තු මස 31 වන අතර එක් අලි පැටවෙකු අලුයම 5.00ට පමණ ද අනෙක් පැටවා පෙරවරු 10.00ට පමණ ද ඉපදී තිබෙනවා.

එයින් එක් අලි පැටවෙකුට දිසා ලෙස ද අනෙක් පැටවාට සජ්ජන ලෙසින් ද නම් තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම නිවුන් අලි පැටවුන්ගේ උපන්දිනය සැමරීමට උත්සවයක් සංවිධානය කර තිබුණේ පින්නවල අලි අනාථාගාරයේ කාර්‍යමණ්ඩලය විසින් වන අතර එහිදී පැමිණ සිටි පිරිස හා විදේශිකයන් අතින් අලි පැටවුන්ටත් ඔවුන්ගේ මාපියන් වන පණ්ඩු සහ සුරංගි ඇතින්නටත් පලතුරුවලින් සංග්‍රහ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ පළමු නිවුන් අලි පැටව් උපත පින්නවල අලි අනාථාගාරයේ දී සිදු වී ඇති බවත් නිවුන් අලි පැටව් දෙදෙනා මෙතෙක් දුරට සුව සේ ජීවත් වෙමින් සිටින්නේ ඔවුන් දෙදෙනා රැක බලා ගන්නා ඇත්ගොව්වන් නිසා බවත් පැවසෙනවා.

1975 පෙබරවාරි 16 එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත පී.බී.ජී.කළුගල්ල මහතා දිවයිනේ කැලෑබද ප්‍රදේශවල අතරමං වී හා අනාථව සිටින අලි ඇතුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස අලි හයදෙනෙකුගෙන් ආරම්භ කරන ලද පින්නවල අලි අනාථාගාරයේ දැනට අලි 69දෙනෙක් සෙවන ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: