2025 ජනවාරි 16, පෙ.ව. 11:08
විදේශිකයින් ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බව ද අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවානාගාරයේ දී පැවැත්විණි.
මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000 ට අළෙවි කළ අවස්ථා වාර්තා වන බව ද ඒ මහතා කීය.
කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පුද්ගලයින්ගේ සහය ලැබෙන බවට තොරතුරු පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලයවට මුදා හරින බවත් එසේ මුදාහැර බලා සිටිය දී තත්ත්පර 42 ක් වැනි කෙටි කාලයක දී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛන්ඩව සිදුවෙමින් තිබෙන බවත් ගුණසේන මහතා කීවේය.
පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බවට සැකයක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බවත් කී ඒ මහතා මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි ද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත් වැඩි මිලට ටිකට්පත් මිලට ගන්නා පිරිස් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාමේ දී සහය නොදී මග හැරීම බරපතළ ගැටලුවක් බවත් පොලීසිය පවසයි.
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25