hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 12:14



විදුලි ගාස්තු ඉහළ නංවීමට රජය ගත් තීරණය පිළිබඳව ඇල්ලේ ගුණවංශ හිමියන් සිය අප්‍රසාදය දක්වා සිටියා.

ඒ අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දීයි.

එසේම ජනතාවද විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා.

“අද ඉතාමත් ශෝක ජනක දවසක්. විදුලි බිල වැඩි කිරීම ඉතාම අසාදාරණයි. ආණ්ඩුවට වෙනත් දැක්මක් නැද්ද වැඩි නොකර ඉන්නට, ජනතාවට අද හරිම අමාරුයි. මගෙ පන්සලෙත් බණක් කරගන්න බෑ. කොළඹ උසම බුදු පිළිම වහන්සේට රෑට විදුලිය දාන්න විදිහයක් නෑ. මේ රටේ දේශපාලකයන් කිසියම් පරිත්‍යාගයක් කරනවද? ඔවුන්ට නැති දෙයක් නෑ. ඔවුන් ඔවුන්ටම කර ගන්නවා මිසක් ජනතාවට සෙතක් කරන්නෙ නැහැ. ජනතාව තලාපෙලා දැමීම සම්බන්ධව මගෙ දැඩි කනගාටුව පළ කරනවා.විදුලි බිල් වැඩි කිරිමට එරෙහිව අපි සටන් කරනවා , අපේ ඉවසීම පැනලා තියෙන්නෙ කියලා රජයට කියනවා.”