hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:49



සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “එමු” (Emu) පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” (Ring – Tailed Lemur) වදුරන් සිව් දෙනෙකු ඊයේ (06) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයක්.

“රින් ටේල් ලීමර්” වදුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේනික, වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති සර්ව භක්ෂක සතුන් විශේෂයක්.

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වදුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වදුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණා.

මෙම සතුන් ඊයේ (06) රාත්‍රී 09.10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 6184 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම සතුන් පින්නවල වාගොල්ල සත්වෝද්‍යානයේ ඊයේ (06) තෙක් මාසයක කාළයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.