2022 අගෝස්‍තු 23, ප.ව. 8:43
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයන පුද්ගලයින්ගේ ඡායාරූප ලැයිස්තුවේ සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සොයා අදත් පොලිසියෙන් පැමිණ තිබෙනවා.
ඔහු ඇතුළු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලය අද මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් රැඳවුම් භාරයේ සිටින්නන් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ අතර ඉන් මද වේලාවකට පෙර මෙලෙස එම ස්ථානයට පොලිසිය පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය එහිදී කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුකර නැහැ.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවට පසුගියදා අරලියගහ මන්දිරයට ඇතුලුවී එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයමින් සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා එක්ව සිටියා.
ඒ වන විට එරංග ගුණසේකර මහතා එම ස්ථානයේ රැදී නොසිටීම හේතුවෙන් පොලිසිය නැවත පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා මෙසේ සඳහන් කළා,
“මේ රටේ තරුණ තරුණියන් මේ ආණ්ඩුව අනිවාර්යෙන් පලවා හරිනවා. මම දැනුවත්ව මට කිසිදු වරෙන්තුවක් නැහැ.”
2025 අප්‍රේල් 22, ප.ව. 2:28
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:20
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:15
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:07
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:04
27-03-25
27-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
10-03-25
10-03-25
06-03-25
06-03-25
11-02-25
11-02-25
06-02-25
06-02-25
01-02-25
01-02-25