hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, පෙ.ව. 12:04



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (06) ආරම්භ වුණා.

එලෙස අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා.

එමෙන්ම, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා පරික්ෂකවරු 35,000න් පමණ අවශ්‍ය වන බවයි.

සාමාන්‍ය පෙළ විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: