hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, ප.ව. 1:51



දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, කොළඹ සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානවල පැවති ඉංග්‍රීසි භාෂා විභාගයේදී මෙම අක්‍රමිකතා අනාවරණය වූ බවයි.

ඇතැම් සිසුන් විසින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඉතා සූක්ෂ්ම ලෙස ජංගම දුරකථන භාවිත කර ඡායාරූප ගෙන පිළිතුරු ලබා ගැනීම සඳහා තෙවන පාර්ශවයන් සමඟ බෙදාගෙන ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් එම සිසුන්ගේ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ අක්‍රමිකතා අනාවරණය වීමත් සමඟ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට පියවර ගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: