hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 මැයි 10, ප.ව. 10:37



විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (10) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රශ්නගත සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී ඔහු කියාසිටියේ විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් කොමසාරිස්වරයා කියා සිටියේ ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ වන අතර නමුත් මෙම සිදුවීමට අදාලව තමාට ලැබී ඇති තොරතුරු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ තොරතුරු නොමැති බව හෙතෙම සඳහන් කළා.

කෙසේවෙතත් මාධ්‍ය වෙත අනාවරණය වී ඇති කරුණු අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) දින පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතරවාරයේදී කොළඹ කොටහේන ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදී අක්‍රමිකතා සිදුව තිබෙනවා.

එමෙන්ම හසලක ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු විභාගය පැවැත්වෙන අතරතුර එම ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහන් වෙත මුදාහැරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: