hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 20, ප.ව. 4:30



නිසි ක්‍රමවේදයකින් යුක්තව ඉන්ධන හෝ ප්‍රවාහන දීමනාවක් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා රජයට බලකරමින් මහනුවර නගරයේ ස්ථාන කීපයක ගුරුවරුන්ගේ විරෝධතා පැවැත්වෙනවා.              

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්තර හැදෑරීමේ කටයුතුවල නිරතව සිටින ගුරුවරු අද (20) පස්වරුවේ මහනුවර සීතාදේවි බාලිකා විදුහල, මහනාම විදුහල හා සුමංගල විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නියැලුණු අතර මෙම ගුරුවරු සුමංගල විදුහලේ සිට මහනුවර නගරය දක්වා පා ගමනින් පැමිණ දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි විරෝධතා උද්ඝෝෂණයක නියැලීමට පියවර ගත්තා.                                                              

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කොට ඇති කොළ කැබැල්ල කිසිදු ඉන්ධන පිරවුම් හලකින් පිළිනොගන්නා බවත් ගුරුවරු හට ඉන්ධන ලබා දීමට විධිමත් ක්‍රියාමාර්ගයක් නොගතහොත් හෙට දිනයේ සිට උත්තර පත්තර ඇගයීමේ කටයුතු වලින් ඉවත් වන බවද විරෝධතාවයට එක්ව සිටි ගුරුවරු පැවසූවා.

මේ අතර යාපනය නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග පිළිතුරුපත් පරික්ෂා කෙරෙන සියලුම ගුරුවරුන් විදුහල ඉදිරිපිටට පැමිණ මෙලස විරෝධතාවක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

විරෝධතාවයේ නිරත වූ ගුරුවරුන් වැඩිදුරටත් පවසා සිටියේ ,

‘මේ වන විට යාපනයේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ දිනවල සාමාන්‍ය පෙළ පිළිතුරුපත්‍ර පිරික්සීමේ නිරත ගුරුවරුන්ට ප්‍රවාහන ගැටලු රැසක් මතුව තිබෙනවා. ඇතම් ගුරුවරුන්ට පාසල් වෙතට පැමිණීමට නොහැකි තත්වයක් උදාවී තියෙනවා. පිළිතුරුපත්‍ර පපරික්ෂා කරන ගුරුවරුන් වෙනුවෙන් කඩිනමින් ඉන්ධන ලබාදීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී පිළිතුරු පත්‍ර පරික්ෂාවෙන් ඉවත්වනවා.”

මේ අතර බදුල්ල නගරයේ පිහිටුවා ඇති අ.පො.ස සාපෙල උත්තර පරීක්ෂක මධ්‍යස්ථාන දෙකක් ඉදිරිපිටදී උත්තර පරීක්ෂක ගුරුවරුන් අද (20) දහවල් විරෝධතාවයක නිරත වුණා.

බදුල්ල විශාකා උසස් බාලිකා විද්‍යාලය හා විහාර මහාදේවි බාළිකා විද්‍යාල දෙක ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණයක පැවැත්වුණා.

උත්තර පරීක්ෂක මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් සපයා දෙන ලෙස රජයට බල කරමින් විවිධ සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වුණා.