hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 3:57



මෙම වසරට (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එය ලබන වසරේ (2024) ජනවාරි මස 04 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙත ද තැපැල් කර යවා ඇති බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප්‍රවේශ පත්‍ර නොලැබුණ අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

අයදුම් පත්‍රයේ සංශෝධන http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස එක් වරක දී පමණක් සිදු කරගත හැකි බව සඳහන්.

ඒ සඳහා දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: