hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 10:01



අ⁣.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන තවදුරටත් සදහන් කළේ,

“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා. මේ තත්ත්වය මදුරු කීටයන් වර්ධනය වීමට සුබදායක තත්ත්වයක්.

උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරනවා. මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: