hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 07, ප.ව. 12:10



ජනවාරි 04 වැනිදා ඇරඹුණු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂිත විභාග මධ්‍යස්ථාන දෙකක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දෙකක් අලුතින් ආරම්භ කළ බවත්, කිසිදු අපේක්ෂකයකුට බාධාවක් නොවන පරිදි ඉදිරියටත් විභාග කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ගල්කිරියාගම ආසන්නයේ පාලමක් කැඩීයාම නිසා විභාගයට පෙනි සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් ගල්කිරියාගම පාසලක විශේෂිත විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, එහි අපේක්ෂකයින් 37 දෙනෙක් විභාගයට පෙනී සිට තිබූ බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මනම්පිටිය සිංහල පාසලේ ද විශේෂිත විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර, එහි සිසුන් 129 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවත්, යම් ගැටලුවක් ඇතිනම් 117 හදිසි ආපදා කළමනාකරණ ඇමතුම් අංකය හරහා ඒ බව දැනුම් දෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: