hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:02



මෙම වසරේ ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ, නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවයි.

ඊයේ (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ,අනුව ඔහු අවධාරණය කරන්නේ, රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කර දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: