hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 14, ප.ව. 12:25



පුරප්පාඩු පවතින ජාතික පාසල් 54ක් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසා අවධාරණය කර සිටිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් අදාළ බඳවා ගැනීම් ප්‍රමාද වී ඇති බවයි.

එසේම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, 2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර සිටිනවා.

එමෙන්ම 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වනවා.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: