2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:10
මෙරට අධිවේගි මාර්ග පද්ධතිය තුල පසුගිය වසර 04කුත් මාස 09ක කාලය (2019 නොවැම්බර් මස සිට 2024 ජුලි දක්වා) තුලදි ගමන්කළ වාහන 18,291,430ක් සදහා පිටවිමේ ටිකට්පත් නිකුත් නොකිරිම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට දළ වශයෙන් රුපියල් මිලියන 4,614.47ක ආදායමක් අහිමවි ඇති බැව් අනාවරණය වි ඇත.
දෛනික ආදායම අහිමිවිම රුපියල් මිලියන 01කට ආසන්න බව හෙලි වී ඇති අතර මෙම කාල සීමාව තුල වාහන 133,840,213ක් සඳහා ප්‍රවේශ ටිකට්පත් නිකුත්කර තිබුණි.
අධිවේගි මාර්ග ආදායම් විවිධ උපක්‍රම භාවිතා කර සාවද්‍ය පරිහරණයට සහ වංචාවන්ට ලක්කර තිබු බවද අනාවරණය වි ඇත.
එහෙත් මේ සඳහා වගකිවයුතු මුදල් අයකැමියන් හදුනාගෙන විනයානුකුලව කටයුතු කිරිමට හා එම අඩුපාඩු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධිවේගි මාර්ග කළමණාකරණය කටයුතුකර නොතිබුණි.
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යංශයට අදාළව 2025 වර්ෂය සදහා නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15