hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 1:05



නියඟය නිසා හානි වූ වී වගාව සඳහා ගිනි තැබුවහොත් ඒ සඳහා කිසිසේත් වගා හානි වන්දි නොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලය අවධාරණය කරනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර වෙත කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මේ වන විට වගා හානි තක්සේරුව ආරම්භ කර ඇති බවත් කුඹුරට ගිනි තබා විනාශ කළහොත් තක්සේරු කටයුතු කළ නොහැකි බවත් එම මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

එසේ ම කුඹුරට ගිනි තැබුවහොත් රජය ලබා දුන් පොහොර සහනාධාරය ද නිෂ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීම පිළිබඳ සලකා බලන බව ද කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.