hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 06, ප.ව. 9:09



මාතර බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස්රථයක ගමන් කරමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකුට වැලිගම ප්‍රදේශයේ දී පිරිසක් විසින් පහර දී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පිරිසක් විසින් ටී-56 ගිනි අවියක් හා තවත් ආයුධ සන්නද්ධව මුහුණු ආවරණය කර ගනිමින් පැමිණයි එම නිලධාරියාට පහර දී ඇත්තේ.

අදාළ ප්‍රහාරයෙන් නිලධාරියාගේ අත් පාවලට හා හිසට බරපතල තුවාල සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහු බන්ධනාගාරය තුළ තහනම් ද්‍රව්‍ය හා ජංගම දුරකථන වැටලීම් රාශියක් සිදු කිරීමට දායකත්වය ලබා දුන් අයෙක් වනවා.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට සිදුකළ පැමිණිල්ලට අනුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ගාල්ල බන්ධනාගාරය විසින්ද මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.