2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:08
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ.
එමෙන්ම දිසා ගිණුම් කාරයාල දාහතරක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි පවසන එම කාර්යාලය පාලක කාර්යාලයේ සේවකයන් හත්දෙනෙකුටද ඇගිලි සලකුණු නොමැතිව රුපියල් ලක්ෂ 40කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද සඳහන්.
මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කර තිබුණද ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී හත අට නමය දහය යන වේලාවල් වල රාජකාරී කළ බව සාවද්‍ය ලෙස දක්වා රුපියල් ලක්‍ෂ හැත්තෑවකට වැඩි අධිකාල දීමනා ගෙවා තිබූ බවත් එම අතිකාල දීමනා ගෙ වීම් වල නිවැරදිතාවය මේ හේතුවෙන් විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් එම වාර්තාවේ දැක්වේ.
මේ අතර සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ මිහිකත ආනයන සහ අපනයන සමාගමින් ලද පාසල් 47510ක් මෙරට පාර්සල් අංශය ඔස්සේ බෙදා හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවද ලක්ෂ විසි හතරකට ආසන්න අලාභයක් සිදුව තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14