hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 06, ප.ව. 1:17



රාජගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

උත්සව ශාලාව තුළ ගින්න හටගන්නා අවස්ථාවේ අවුරුදු කුමර කුමරිය තේරීමේ තරගයක් පැවති බවයි වාර්තා වන්නේ.

තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

උත්සව ශාලාවේ තිර රෙදි වල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කර තිබෙනවා.

කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: