hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 12, පෙ.ව. 4:45



ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක  හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කරන බව ඇය පැවසුවාය.රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ අස්වැන්න සියයට 40-50 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ඇය සඳහන් කළා.

මේ අතර ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ලෝක ආහාර සංවිධානය දැනුවත් කළ බවත් එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟතාවය පළ කළ ලෝක ආහාර සංවිධානයට කෘතඥතාවය පළ කරන බවත් අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගය කරන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.