hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2026 ජූලි 26, පෙ.ව. 12:26



වත්මන් ආණ්ඩුව විසින් අධිකරණය තමන් භාරයට ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම, සියලු මත දරන දේශපාලන බලවේගවල පොදු ඕනෑකමක් බවට පත්ව ඇති බවයි ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ආණ්ඩුවක් විසින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සිදුවීමේදී කටයුතු කළ ආකාරය ‘කැත’ නම්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීම ඊට වඩා අශෝභන ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළා.

විපක්ෂයේ සියලු පක්ෂවලට විපක්ෂ නායක කාර්යාලයේ දී එක් වන ලෙසට බල කර තිබෙන්නේ ආණ්ඩුව විසින්ම බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: