2026 අගෝස්තු 20, පෙ.ව. 12:19
ලෝකයට බලපෑම් එල්ල කර ඇති එල්නිනෝ තත්ත්වය සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑමේ දැඩි අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 20% ත් 25% ත් අතර අගයකින් ඉහළ යා හැකි අතර, පසුගිය දින කිහිපය තුළ පමණක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40 කින් පමණ ඉහළ ගොස් තිබේ.
මේ අතර දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක ජනතාව පානීය ජල හිඟතාවයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව අම්පාර, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 23,377 කට අයත් පුද්ගලයින් 73,214 ක් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර, පවුල් 22,987 ක පුද්ගලයින් 71,893 දෙනෙකු සඳහා මේ වන විටත් බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම 39 ∘ C ත් 45 ∘ C ත් අතර ඉහළ අගයක පවතින බවයි.
පවතින දැඩි උණුසුම් තත්ත්වය නිසා අනුරාධපුර හුරුළුවැවේ ජල ධාරිතාව වේගයෙන් පහළ යමින් පවතින අතර, පලුගස්වැව තෙල් හවඩියාව වැව සම්පූර්ණයෙන්ම සිඳී යාමෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
එමෙන්ම මොණරාගල වැල්ලවාය ප්‍රදේශයේ කුඩා ජල මාර්ග සිඳී යාමෙන් මත්ස්‍යයන් රැසක් මියගොස් ඇති අතර, අනුරාධපුර තිරප්පනේ පණ්ඩිත රඹෑව ගම්මානයේ පාරම්පරික කුඹල් කර්මාන්තකරුවන් ද සිය ජීවනෝපාය පවත්වාගෙන යාමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටිති.
2026 අගෝස්තු 20, පෙ.ව. 9:18
2026 අගෝස්තු 20, පෙ.ව. 9:10
2026 අගෝස්තු 20, පෙ.ව. 8:47
2026 අගෝස්තු 20, පෙ.ව. 8:44
2026 අගෝස්තු 20, පෙ.ව. 12:30
20-08-26
20-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26