hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 8:27



වසර 5කට පසුව 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය දියතලාව නරියාකන්ද ධාවන පථයේදී ඊයේ (21) උදෑසන ආරම්භ කළා.

මෙම තරගාවලිය පසුගිය 2019 වසරේ අප්‍රේල් (21) වන දින පැවැත්වු අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කළා.

ඒ අනුව වසර 5ක කාලයකට පසුව අද දින පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන අනතුරක් සිදු වුණා.

ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අතර 8 හැවිරිදි දැරියක් එම පිරිස අතර සිටින බවත් තරගයේ සහායකවරුන් 4 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවත් තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් පැවැති බවද පොලීසිය සදහන් කරයි.

කෙසේ වෙතත් සිදුවු බිහිසුණු අනතුරත් සමග ධාවන තරගාවලිය නතර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.