hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 23, ප.ව. 3:22



වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ඉන්ධන අවසර පත්‍රය සැප්තැම්බර් පළමු සතියේ ලබා දීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට විශේෂ කාණ්ඩය හඳුන්වා දීමට ද නියමිත බවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම අද (23) විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී මෙම තීරණ ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: