hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 12:02



ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඩීසල් තොගයක් ප්‍රමිතියෙන් තොර බව රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී තිබෙනවා.

ඒ අනුව එම නෞකාවේ තිබූ ඉන්ධන ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කරන ලද බව සංස්ථාව ප්‍රකාශ කරයි.

අදාළ නෞකාවේ තිබූ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 19,000න් 11,000ක් ප්‍රමිතියෙන් තොර බවට හෙළි වී ඇති අතර, ඉතිරි ඩීසල් තොග ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ පරීක්ෂාවකින් තහවුරු වීම හේතුවෙන් ගොඩබෑමට අවසර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය 05 වැනිදා ලංකාවට පැමිණි ඉන්ධන නෞකාවක සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: