hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 4:16



මෙරට දැඩි උද්ධමනය හමුවේ දෛනික ඉන්ධන අලෙවිය 40%කින් පමණ පහළ බැස තිබෙනවා.

ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහසක් පමණ දිනකට අලෙවි වී ඇති.

නමුත් මේ වනවිට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙදහසකින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඩීසල් අලෙවිය ද මෙට්‍රික් ටොන් එක්දහස් අටසියයකින් පමණ පහළ වැටී ඇත.

මේ අතර, සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහස් අටසියයක් පමණ අලෙවි වී තිබෙනවා.

මේ වනවිට දිනකට අලෙවි වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක පමණ ප්‍රමාණයක් ය.

කෙසේ වෙතත්, ලබන 01 වැනිදා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල පිළිවෙළින් රුපියල් හතළිස් දෙකකින් හා ඩීසල් ලීටරය රුපියල් හතළිස් පහකින් වැට් බද්ද නිසා ඉහළ දැමුවහොත් ඉන්ධන අලෙවිය තවත් පහළ වැටෙනු ඇත.

ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනු ලබන්නේ තෙල් අලෙවිය ඒ ආකාරයට අඩුවී ගියහොත් ඉන්ධනහල් පවත්වා ගෙන යෑමට නොහැකි වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: