hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 05, පෙ.ව. 8:58



නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බවයි.

සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි, එම සංස්ථාව පවසන්නේ.

එබැවින් එය පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාවක් ද ලබාදී ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තීරණය කර තිබුණේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට පසුගිය වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: