hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:03



ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසන්නේ, ඛනිජ තෙල් සඳහා පවතින ගෝලීය ඉල්ලුමේ වර්ධනය මන්දගාමී වී ඇති බවයි.

එසේම ඔපෙක් සංවිධානයෙන් පිටත රටවල නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් තෙල් අතිරික්තයක් ඇති වී තිබෙන බවත් ඔවුන් පැවසුවා.

පසුගිය 2023 වසරේ හතරවැනි කාර්තුවේදී ගෝලීය ඉන්ධන පාරිභෝජනය 35%කින් පමණ අඩුවී ඇති බවයි, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ වාර්තාවක් මඟින් අනාවරණය වන්නේ.

මෙම අපගමනය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ලෙස සැලකෙයි. ජාත්‍යන්තර බලශක්ති ආයතනය ප්‍රකාශ කරන පරිදි 2024 වසර පුරාම ගෝලීය ඉන්ධන ඉල්ලුම ඉහළ යාම දිනකට බැරල් මිලියන 1.2ක් පමණ වෙයි.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දුන්නේ, එය පසුගිය වසරේ පැවති වර්ධනයෙන් අඩක් පමණ වන බවයි.

එමෙන්ම ඔපෙක් ප්ලස් සන්ධානයෙන් පිටත රටවල තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 1.6කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රධාන රටවල් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, කැනඩාව සහ ගයානාව යි. මේ තත්ත්වය මත 2024 වසර පුරා ගෝලීය තෙල් මිල ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (16) සටහන් වී ඇත්තේ ඩොලර් 82යි ශත 51ක් ලෙසිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: