hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:56



ත්‍රිරෝද රථ අතරින් වෘත්තිමය වශයෙන් පූර්ණ කාලීනව කටයුතු කරක ත්‍රිරෝද රථ රියැදුරන් හඳුනා ගෙන එම තොරතුරු ලබා දෙන්නැයි අදාල පළාත් පාලන ආයතන, පොලිස් ස්ථාන සහ ගමනාගමන කොමිසමට මේවන විට උපදෙස් ලබා දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එම ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා ඉන්ධන ලබා දීමේ දී විශේෂ වැඩපිළිවෙලක් සකස් කල හැකි බවයි ඇමතිවරයා කියා සිටියේ.

අද(06) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ඉන්ධන පිරවුම්හලක් විවෘත කර ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

“මෙය ත්‍රීරෝද රථ සංගමය කළ ඉල්ලීමක්. ත්‍රිරෝද සංගමය විවිධ ප්‍රවාහන ආයතන සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ. එතකොට ඒ පිරවුම්හලක් වෙනුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ඉල්ලීමට අපි අවසරය ලබා දීලා තියෙනවා.ඒ නිසා තමයි අපි කිව්වේ එවැනි ආකාරයේ නියාමනයක් සිදු වෙනවා නම් විශේෂයෙන්ම වෘතිමය වශයෙන් ඉන්න ත්‍රීරෝද රථ හිමියන් අදුනා ගන්න පහසුවෙනවා නම් අපිට තව තවත් ඉන්ධන පිරවුම් හල් ඒ ආකාරයට වෙන් කරලා ලබා දෙන්න පුළුවන් බව අපි ඔවුන්ට පවසලා තියෙනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

තවද මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී තිබෙනවා.

දැනට ඉන්ධන පිරවුම් හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: