hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 28, පෙ.ව. 10:50



ව්‍යාපාරික ආයතනයකට ඇති සියලු රථවාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර සහ උපකරණවල විස්තර සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම උපකරණවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සමග ලියාපදිංචිය සිදු කළ යුතු බවයි.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ රාත්‍රී 8.30 වන විට ලියාපදිංචි වී ඇති සමස්ත පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 4.25ක්.

එසේම ඉන්ධන පිරවුම්හල් 481ක් ඊයේ දිනය වන විට ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එහිදී සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ IOC පිරවුම්හල් 72ක් ලියාපදිංචි වී තිබෙනවා.

ඊයේ දිනයේදී ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ඛේත ක්‍රමය ඔස්සේ වාහන 158,208ක් ඉන්ධන ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.