2026 මැයි 11, පෙ.ව. 11:35
වසර ගණනාවක සිට ගාල්ල නගරයේ පවතින ගංවතුර ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් ලබාදිමට බලධාරින්ට හැකිවි නොමැති බව ගාල්ලේ නගර වැසියන් පවසති.
සුළු වර්ෂාවකටත් ගාල්ල නගරයේ ඇතැම් ප්‍රදේශ වර්ෂාජලයෙන් යටවන අතර මෙම තත්ත්වය නිසා ගාල්ලේ නගරවැසියන් ගැටළු රැසකට ලක්ව සිටිති.
පසුගිය කාලය තුල ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරිම සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ද එමගින් කිසිදු ප්‍රථිපලයක් අත්නොවු බව නගරවැසියන් පෙන්වාදෙති.
කාණු පද්ධති ඇළ මාර්ග වසා අනවසර ඉදිකිරිම් සිදුකිරිම, පහත්බිම් ගොඩකර නිවාස ඉදිකිරිම ආදි හේතු නිසා මෙම තත්ත්වය උදාවි ඇත.
මෙකි ඉදිකිරිම සදහා පසුගිය කාලය තුලදි අනුමැතිය ලබාදුන් දේශපාලන අධිකාරිය මෙන්ම නගරසභාවේ නිලධාරින්ද වගකිවයුතුව ඇති බව ඇතමුන් පවසති.
පෙරේදා ඇදහැළුණු (09) වර්ෂාවත් සමග කාණු පද්ධති උතුරා යාමෙන් සැරෙන්තු කඩේ, ස්ටීල්පාර, අබ්දුල් වහබ් මාවත, ගාල්ල දංගෙදර මාර්ගය, කෝංගහ හන්දිය, තලාපිටිය ඇතුළු ස්ථාන කිහිපයක් වර්ෂා ජලයෙන් යටවිය.
පසුගිය කාලය තුලදි උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසහන යටතේ ගාල්ල නගරයේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සදහා උපදේශන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 21.49ක මුදලක් ගෙවා තිබු නමුත් මෙකි ව්‍යාපෘතිය අතරමග නතරකිරිම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි තිබුණි.
මෙකි ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ ගංවතුර පාලනය සදහා හදුනාගත් ගංවතුර පාලන කාණු පද්ධති 16ක් ඉදිකිරිම සදහා අවශ්‍ය ඉඩම් පවරා නොගැනිම නිසා ඉදිකිරිම් කටයුතු අතරමග නතරවි තිබුණි.
ඒ විතරක් නොව ගාල්ල මොරගොඩ ප්‍රධාන ඇළ සහ පන්සල් අතුරු මාර්ගය ඉදිකිරිමේ ව්‍යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 845කි.
ඇල මාර්ගයේ මුලු දිග මිටර් 4250කි.
එහෙත් මෙකි ඇල මාර්ගයෙන් නිමකොට තිබුණේ මිටර් 1850කි.
ඒ සදහා රුපියල් මිලියන 397ක මුදලක් වැයකොට තිබුණි.
මේ හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ සම්පුර්ණ ප්‍රතිලාභ ජනතාවට අත්කරගැනිමට නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ව්‍යාපෘතිය විසින් ඉදිකිරිම්වලට අදාල ඉඩම් නිසි පරිදි පවරා නොගැනිම මෙම තත්ත්වය හේතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
ගාල්ල නගරයේ ගංවතුරපාලනය කිරිම සදහා මේවනවිට රජය මැදිහත්වෙලා සැලසුම් සකස්කරමින් පවතිනවා. ගංවතුර පාලන කමිටුව රැස්වෙලා අවශ්‍ය සැලසුම් සකස්කිරිමට නිලධාරින්ට උපදෙස් ලබාදිලා තියෙනවා. ඉදිරියේ දි එම සැලසුම් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇතැම් කාණු පද්ධති පුළුල්කරන්න ඕන.තලාපිටිය ප්‍ර දේශයේ නිවාස ඉදිකරලා තියෙන්නේ ඇළ මාර්ග සහ කාණු පද්ධති වහලා.මේ සදහා පසුගිය කාලයේ හිටපු නගරසභා පාලකයින්ගේ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා.වලව්වත්ත දඩැල්ල ප්‍ර දේශයේ ස්වාභාවිකව තිබු ඇළ මාර්ග වෙනස් කරලා තියෙනවා දංගෙදර ප්‍ර දේශයේ පහත්බිම් ගොඩකරලා නිවාස ඉදිකොට තියෙනවා. මේ වනවිට හින් ඇළ, බොම්බේ කාසල් ඇළ, ඇතුළු අතුරු ඇළ මාර්ග ශුද්ධ කිරිමට කටයුතු කරමින් තියෙනවා යැයිද නගරාධිපතිවරයා සදහන් කළේය.
2026 මැයි 11, ප.ව. 3:08
2026 මැයි 11, ප.ව. 1:49
2026 මැයි 11, ප.ව. 1:44
2026 මැයි 11, ප.ව. 1:33
2026 මැයි 11, පෙ.ව. 11:48