hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 17, ප.ව. 12:04



ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටද “ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව” විසින් ඉකුත් 15 වැනි දින සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කළ අතර එහි ඉදිකොට තිබු කුඩාරමක් පොලිසිය විසින් අද (17) උදෑසන ඉවත්කිරිමට යාමේ දි දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවුණා.

“ගෝල්පේස් තනි නොකරමු” යන තේමාව යටතේ ගාල්ල තරුණයින් සිවිල් ක්‍රියාකාරින් වෘත්තිකයින් ඇතුළු පිරිසක් විසින් මෙකී අඛන්ඩ විරෝධතාව ආරම්භ කර තිබුණා.

ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කර ගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියා.

එහෙත් විරෝධතාකරුවන්ගෙන් ඒ සදහා එකඟතාවයක් නොලැබිම නිසා පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කළා.

මෙකි සිද්ධියත් සමග විරෝධතාකරුවන්ට සහාය ලබාදිම සදහා නිතිඥ කණ්ඩායමක්ද පැමිණ සිටියා. එම නිතිඥ කණ්ඩායම පොලිස් නිලධාරින් සමග සාකච්ඡාවක් ආරම්භකොට ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසූවේ.

මේ වනවිට මෙකි විරෝධතාවය නොනිදන අරගලයක් ලෙස වර්ධනය වෙමින් තිබෙනවා.

විරෝධතාවය සදහා රාත්‍රි කාලයට විශාල පිරිසක් මේ සදහා එක්ව සිටින අතර විවිධ නිර්මාණ හා ගීත ගායනා කරමින් විරෝධතාකරුවන් මෙම විරෝධතාවයට එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

ගාල්ල – ලලිත් චාමින්ද