hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 18, ප.ව. 4:38


WhatsApp
Telegram

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

එහි සභාපති නිතීඥ නිමල් පුංචි හේවා මහතා කියා සිටියේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පතිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළ බවයි.

මේ වනවිටත් දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් වී නොමැති බව ද ඇය කොමිසමට දන්වා තිබෙනවා.

මේ අතර පළාත්පාලන ආයතන 340ක නිල කාලය හෙටින් (19) අවසන් වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.