hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 4:11



ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රියේ සිමිත ගෑස් තොග ප්‍රමාණයක් නිකුත් කල අතර එම ගෑස් තොග අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට බෙදා හැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පැවසුවා.

ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට සිමිති ගෑස් තොග ප්‍රමාණයක් නිකුත් කිරිම නිසා අලෙවි නියෝජිතයන් ආපනශාලා වලට ගෑස් සිලින්ඩර් නිකුත් කිරිම සදහා වෙන් කරගෙන පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර් බෙදා හැරිමේදි පෝලිම් වල රැදී සිටි ඇතැම් පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විම හමුවේ මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.

ගෑස් අලෙවි නියෝජිතයන් විසින් ආපනශාලා වලට ගෑස් සිලින්ඩර් ලබාදිමේදි ඒ සදහා අලෙවි නියෝජිතයාට නියමිත මිලට වඩා වැඩි මුදලක් ගෙවා ආපනශාලා හිමියන් ගෑස් සිලින්ඩර් ලබා ගන්නා බවත්, ඒ අනුව ගෑස් අලෙවි නියෝජිතයන් විසින් පෝලිම් වල රැදි සිටි තමන්ට ගෑස් තොග ලබා නොදන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: