2022 මැයි 25, ප.ව. 9:16
හෙට (26) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබෙනවා.
ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසයි ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දෙන්නේ.
රට මේ වනවිට පත්ව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට එය විශාල වශයෙන් සිය දෛනික ජීවිතයට බලපෑම් එල්ල කර තිබෙනවා.
විදේශ විනිමය නැතහොත් රටට ඩොලර් අහිමිවීමේ ක්‍රියාවලිය මත ආනයනය කරනු ලබන ගෑස් නෞකාවලට ගෙවා ඒවා වරායෙන් නිදහස් කරගැනීමේ අර්බුදයක් ද මේ වනවිට මතුව ඇති අතර, මේ හේතුවෙන් රට පුරා ගෑස් හිඟයක් නිර්මාණය වී තිබෙනවා.
එබැවිනුයි ගෑස් ලබා ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින්නේ.
කෙසේවෙතත් මෙලෙස අදත් පෝලිම් වල රැදී නොසිටින ලෙස දැනුම් දුන්නද ජනතාව දිගින් දිගටම පෝලිම් වල රැදී සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08