hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 31, ප.ව. 2:01



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වෙනි ව්‍යවස්ථාවේ 1 (අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42 ක් අයත් වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල යටතට ආයතන 57 ක් අයත් වන බව සඳහන්.