hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:03



රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන් ගැන තීරණයක් ගැනීමට ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සූදානම් බව වාර්තා වනවා.

ඇමතිවරිය සඳහන් කරන්නේ විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

ඒ අනුව, ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇති.

ළමා අයිතිවාසිකම් හා සුරක්ෂාව සම්බන්ධයෙන් ළමා හිමිකම් සංවිධාන හා විද්වතුන් දැක්වූ අදහස් හා යෝජනා සලකා බලා මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවයි ඇය සඳහන් කළේ.

ගෘහ සේවය සඳහා විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 2 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යවශ්‍යව පැවැති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත්, පසුගිය ජුනි මස 27 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබුණා.

එසේ ම, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 5 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවද රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාහ කළා.

ඒ අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන්ට ගෘහ සේවය සඳහා විදේශගත වීමට අවස්ථාව දීම පිළිබඳවත් එසේ විදෙස්ගත වන මවුවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ යුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීම පිළිබඳ තීරණය නැවත සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: