hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 05, ප.ව. 9:37



ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුව වහාම ගෙදර යන්නැයි බල කරමින් ගාලු මුවදොර අරගලකරුවෝ විසින් “අරගලයේ හෙට දවස” ක්‍රියාකාරී සැලැස්ම ජනගත කළා.

එම සැලැස්මට යෝජනා 6ක් ඇතුළත් වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වීම එහි මූලික කරුණක්.

ගෝඨා, රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර් පාලනයක් බිහි විය යුතුයි.

ජනතා අරගලයේ නියෝජිතයින්ට එම අන්තර් පාලනයට සම්බන්ධ වීම සඳහා මහජන කවුන්සිලයක් ස්ථාපිත කිරීමත් අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ කොටසක්.

අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12ක උපරිමයට සීමා විය යුතු අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් එය අවසන් විය යුතුයි.