hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 24, ප.ව. 12:05



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

තායිලන්තයේ රැදී සිටින ඒ මහතා අද (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. 

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව සති දෙකකින් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව වාර්තා කර තිබූ අතර ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වන විධිවිධාන මත එය රඳා පවතින බවද එහි සඳහන්.

රාජපක්ෂ මහතාගේ නැවත පැමිණීම ඔහු තායිලන්තයේ රැඳී සිටීමේ වියදම් සමග අර්ධ වශයෙන් සම්බන්ධතාවක් පවතින බව එක් මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වන දා මෙරටින් පිටව ගිය අතර ඉන් දිනකට පසුව ජනාධිපති ධූරයෙන් සිය ඉල්ලා අස්වුණා.

පළමුව මාලදිවයිනට ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 14 වන දා සිංගප්පුරුවට ගියේ ය. පසුව ඔහු එහි සිට තායිලන්තය බලා පිටව ගිා.

නමුත් ඔහුගේ ආරක්ෂාව සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රජය අතර සාකච්ඡා දිගට ම පවතින බැවින් පැමිණීම කල් දමා ඇති බව ආරංචි මාර්ග පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා.

“ඔහුට අනිවාර්යයෙන් ම නැවත පැමිණීමට අවශ්‍යයි. නමුත් ආරක්ෂාව ප්‍රධාන ප්‍රශ්නය වන අතර බුද්ධි අංශ උපදෙස් දී ඇත්තේ ඔහු ආපසු පැමිණීම ප්‍රමාද කරන ලෙස යි,” ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කර තිබෙනවා.

දෙවන මූලාශ්‍රය සඳහන් කර ඇත්තේ, ඔහු තායිලන්තයේ රැඳී සිටීමේ අධික පිරිවැය හැකි ඉක්මනින් ආපසු පැමිණීම සාධකයක් බව ි.

“පෞද්ගලික ජෙට් යානයක්, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ පැය 24 පුරා ම ආරක්ෂාව සඳහා වන පිරිවැය ඇතුළත් බැවින් වියදම දැන් රුපියල් මිලියන සිය ගණනක් දක්වා දිව ගොස් තියෙන්නේ, වියදම දරා ගැනීමට නොහැකි වෙමින් තියෙන්නේ.” එම මූලාශ්‍රය මූලාශ්‍රය සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

රාජපක්ෂ පවුලට සමීප තවත් ආරංචි මාර්ගයකට අනුව එම වියදම් බොහෝ දුරට ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: