2024 ජනවාරි 11, පෙ.ව. 12:03
දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා ඊයේ (10) දිනය යොදා ගෙන තිබෙනවා.
ඒ බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළා.
ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය ඉරිදා සිට ආරම්භ කළ බව ඔහු පැවසුවා.
ඒ අනුව සියලුම ආයතන ප්‍රධානීන් තම තමන්ගේ ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල නිරතවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළා.
කෙසේ වෙතත්, එම කටයුත්ත සඳහා යම් සහයෝගයක් අවශ්‍ය වන්නේ නම් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් උපකාරයක් ලබාගත හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:03
2026 අගෝස්තු 29, පෙ.ව. 12:00
2026 අගෝස්තු 28, ප.ව. 4:23
2026 අගෝස්තු 28, ප.ව. 2:12
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26