hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:05



ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වුණා.

විශේෂයෙන් දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහි දී ප්‍රමුඛ අවධානයක් යොමු ව ඇත.

මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර තිබෙනවා.

රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂම ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ජ්‍යේෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා පසුගිය දා මෙරටට පැමිණ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: