hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:16



මහවැලි ඉඩම්වල පදිංචිකරුවන් දෙලක්ෂ 7,000ක් සඳහා උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව නිරවුල් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහවැලි බල ප්‍රදේශ 10ම ආවරණය කරමින් මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමට මහවැලි අධිකාරිය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ය.

කෙසේ වෙතත්, එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ මේ තුළින් මහවැලි ජනපදවල පදිංචි ගොවි ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: