hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 12:01



පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව නැවත සලකා බැලීමක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

මේ අතර, මහ බැංකුව විසින් ඉහල දමා ගන්නා ලද වැටුප තම ආණ්ඩුවක් යටතේ ආපසු අය කර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් ඉහල දැමීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවා.

‘‘ මහ බැංකුවට ඕනෑ විධියට වැටුප් වැඩි කර ගන්න බැහැ. මහ බැංකුවට අදාළ පනතක් තියෙනවා. පාර්ලිමේන්තුවෙ බලතල ඉවත් කරලා නැහැ. පාර්ලිමේන්තු කටයුතුවලටත් වෙනම පනතක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකරන්න පාර්ලිමේන්තුවෙ අනුමැතිය අවශ්‍යයි. ස්වාධීනත්වය කියන්නේ පාර්ලිමේන්තුව මග හරින එක නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුපත් අනුමත කරන්නේ පාර්ලිමේන්තුව . එතකොට මහ බැංකු නිලධාරින්ගේ වැටුප ගණනය කරන්න ඒ අයට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. මේ අය කොළේ වහලා ඔබතුමන්ලා රවට්ටලා. මේ වැටුප් සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් අපේ ආණ්ඩුවක් යටතේ ඒ වැඩි කළ වැටුප් අපි අය කර ගන්නවා. රට බංකොලොත් වෙන එක වසර තුනක් තිස්සේ හංගගෙන හිටියා. පාර්ලිමේන්තුවටවත් කිව්වෙ නැහැ . ඒ අය කොහොමද ගැලවුම්කාරයො වෙන්නේ. හරි නම් ඒ අයගෙ පඩි අඩු කරන්න ඕනෑ.‘‘





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: